සත්‍යයේ පුවත් අඩහැරය….

අසාධාරණ බදු ඉවත් කිරීමට රජය සතුව කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Bombමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේ මෙරට ජනතාවට ලබාදෙන ලද බදු සහන අත්හිටුවා එම බදු නැවත පැනවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඇතැම් කොන්දේසි කඩකිරීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙරට සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකල ගුණවර්ධන මහතා තවදුරටත් අනාවරණය කර සිටියේ ජනතාව පීඩාවට පත්කරමින් වත්මන් ආන්ඩුව විසින් පනවා ඇති බදු හේතුවෙන් ජනතාව දිගින් දිගටම පීඩාවට පත්ව සිටින බවයි.

එවැනි අසාධාරණ බදු ඉවත් කිරීම සදහා රජය සතුව කිසිදු වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්තියක් නොමැති බවත් රට තුළ උද්ගතව ඇති විවිධ ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළනොකරන නමුත් “සේනා දළඹුවා” පිළිබදව පමණක් අවධානය යොමුකරමින් අදහස් දැක්වීමට බලධාරීන් කටයුතු කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසා සිටියේ බඩ ඉරිගු වගාවෙන් ආරම්භවූ “සේනා දළඹු” ව්‍යාප්තිය අද වන විට රටේ ප්‍රධාන භෝග වගාවන් කෙරෙහිද අහිතරක ලෙස බලපෑම් කිරීම ආරම්භ කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළදී පවා එය මැඩපැවැත්වීමට හෝ පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව සතුව කිසිදු වැඩිපිළීවෙළක් නොමැති බවත් රටේ කෘෂි කර්මාන්තය ආරක්ෂා කිරීම සදහා ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නොමැති බව ඉන් ගම්‍ය වන බැවින් අර්බුදයකට තුඩුදී ඇති මෙරට කෘෂි කර්මාන්තය පිළිබදව දැඩි අවධානයක් යොමුකරන්නැයි කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සේමසිංහ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා ද සහභාගි වෙමින් අදහස් දක්වා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට