සත්‍යයේ පුවත් අඩහැරය….

රටට හිතැති ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර ආණ්ඩුවට එරෙහි ජන මතයක් ගොඩනැගීමට විපක්ෂයේ කාර්යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්

Bombමෙරට පවත්වනු ලබන ඕනෑම මැතිවරණයකදී තරුණයන්ගේ ඡන්දය ඉතා තීරණාත්මක සාධකයක් වන නමුත් වත්මන් ආණ්ඩුව මෙරට තරුණයින් ආකර්ෂණය කර ගැනීමට අපොහොසත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ රටේත් තරුණයන්ගේත් ගැටළු විසදන, රටට හිතැති ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කර එ් හරහා ආණ්ඩුවට එරෙහිව ජන මතයක් ගොඩනැගීමට විපක්ෂය කටයුතු කළයුතුව ඇති බවයි. කුමන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වුව ද ඔහු සතු ප්‍රතිපත්ති මාලාව අනුව ජනතාව ඔහු වටා එක්වන බවත් එසේ රටට හිතැති ප්‍රතිපත්ති මාලාවක් සකස්කර ජනතාව එ්කරාශි කරගැනීමේ කාර්යය විපක්ෂයට පැවරී ඇති බව ද සුසිල් ප්‍රේමජයන්ත් මහතා තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට