රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුර ගැටළුව, රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත්..
රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුකාරී තත්ත්වය මත දියත් කරන ලද අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (01) දිනය තුළදීත් ක්‍රියාත්මක වන බව රේගු වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන ලද අතර රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ නිලධාරියෙකු අදාළ තනතුරට පත්කරන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වන බව ද එම සන්ධානය තවදුරටත් අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් ඊයේ (31) පස්වරුව වන විට මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ජී සුමනසිංහ මහතා රේගුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරන ලදී.