සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් ලෙස හැදින්විය හැකියි – කථානායක කරූ ජයසූරිය

Bombවිවිධ අභියෝග හමුවේ ස්වකීය කශේරුකාව නොනැමූ, හෘද සාක්ෂියට දැනෙන නිවහල් යුක්තිගරුක හැඟීම් වෙනුවෙන් පෙනී සිටි උදාර මිනිසුන් නිදහසේ පීතෘවරුන් ලෙස හැදින්විය හැකි බව කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියි. ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් කථානායක කරූ ජයසූරිය මහතා විසින් මේ බව සදහන් කර සිටියි. එම නිවේදනයෙහි වැඩිදුරටත් මෙසේ සදහන් වේ. සැබැවින්ම එම උතුම් මිනිසුන්ගේ ආත්ම පරිත්‍යාගයන්ගේ ප්‍රතිඵලය වන නිදහස යම් දේශයකට ජන සමාජයකට හෝ පුද්ගලයෙකුට අතිශයින්ම ආශ්වාදනීය ගෞවරනීය හැඟීමකි. එම හැඟීම මූර්තිමත් කරමින් ජාතික නිදහස සමරන මේ මොහොතේ රටක් ජාතියක් ලෙස අප විසින් ජය ගත යුතු අභියෝග පිලිබඳව නිවැරදි දැක්මක් ඇති කර ගැනීම අතවශ්‍ය වෙයි. අනාගත පරපුරට වඩාත් නිදහස් සමෘද්ධිමත් දේශයක් උරුම කර දීමත් නිදහස උදෙසා ඉතිහාස වංශ කථාව පුරාම ස්වකීය දිවි පූජා කළ විරුවන්ට නිසි ගෞරවය පුද කිරීමත් කළ හැක්කේ එවන් ප්‍රවේශයක් තුළිනි.

නිරන්තර දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා ශක්තිමත් පදනමක් සකස් කර ගත යුතුව තිබේ. නිර්මාණශීලිව නව ඉසව් හඹා යමින් ස්ථීරසාර ආර්ථික සමෘද්ධියක් අත්පත් කර ගත යුතුව තිබේ. ජාතික, ආගමික, සංහිඳියාව එහි පදනම බවට පත් වීම අත්‍යවශ්‍යය. මත් උවදුරින් නිදහස් වීමෙහි ලා රට පුරා විහිදුනු පුළුල් මෙහෙයුමකට සමාජයේ සියළු බලවේග පෙළ ගැසිය යුතු මොහොත එළඹ තිබේ. කිසි ලෙසකින්වත් අතපසු කළ ‍නොහැකි එම ඉලක්ක ජය ගැනීමට මෙම නිදහස් සමරුවේ දී සමස්ත ශ්‍රී ලාං‍‍කේය ජාතියේම අධිෂ්ඨානය යොමු වේවාය යන්න මගේ පැතුමයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට