සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය යලි සේවයේ පිහිටුවන තුරු වෘත්තීය ක්‍රියාමාර්ගය දිගටම, රේගු නිලධාරීන්ගේ සංගමය…

Bombපසුගිය දින රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ව සිටි පී.එස්.එම්. චාල්ස් මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඒ සදහා වෙනත් නිලධාරීයකු පත් කිරීම හේතුවෙන් කොළඹ වරායේ රේගු නිලධාරීන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක් ආරම්භ කරන ලදි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට කොළඹ වරායෙන් දිනකට ආනයනික බහාලූම් නිෂ්කාශන කටයුතු සිදුකරන ප්‍රමාණය සියයට අනූවකින් පමණ පහත වැටී ඇතැයි රේගු වෘත්තීය සමිති සඳහන් කරයි. ඒ අනුව ගෙවීගිය දින හයක කාලය තුළ රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන අටක් පමණ වන බවද සඳහන් වේ. සාමාන්‍යයෙන් දිනකට බහාලූම් 1500-2000 ක් පමණ කොළඹ වරායෙන් නිෂ්කාශනය කෙරෙන අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් 100-200 අතර ප‍්‍රමාණයකට පහත වැටී ඇතැයි රේගුව පවසයි.

කෙසේවෙතත් අදාළ නිලධාරීනියව යලි සේවයේ පිහිට වන තුරු මෙම අරගලය දිගින් දිගටම ගෙන යන බවත් ඒ සදහා මේ වනවිට වෛද්‍යවරුන්, බැංකු සේවකයන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් හා කන්ටේනර් ප‍්‍රවාහන සංගම් ඇතුළු අංශ ගණනාවක් කොන්දේසි විරහිතව සහාය දැක්වීමට කැමැත්ත පල කර ඇති බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති දිනුෂ හෙට්ටිආරච්චි මහතා අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට