සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය හැක් වීමකට ලක්වී නෑ – ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Bombශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය හැක් වීමකට ලක්ව නොමැති බවත් එවැනි අසත්‍ය පුවතක් ලදහොත් එය අන් අය සමග හුවමාරු කිරීමට යාමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් ඉල්ලීමක් කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පරිවර්තන සමුහය මෙම ඉල්ලීම කර තිබේ. අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් පහත කරුණු සදහන් කර ඇත. මේ දිනවල වට්සැප් යෙදුම හරහා “සියලුම බැංකු ජාල හැක් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නමින්” සංසරණය වන පණිවිඩයක් දැකගැනීමට ඇති අතර මෙම පණිවිඩය මගින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකා බැකු ජාල පද්ධතිය හැක් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේ නිසා ඔබගේ ATM කාඩ් පතේ තොරතුරුද හැකර්වරුන්ගේ සන්තකයේ තිබීමට හැකියාවක් ඇති නිසා බැංකු ගිණුම් තිබෙනා සියලු දෙනා බැංකු ශේෂයන් පිරික්සා ATM කාඩ් පත් අක්‍රිය කරනා ලෙසයි.

තවද මේ හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බැංකු ආයතන දෙකක්ම ATM මගින් ගනුදෙනු සිදුකිරීම නවතා ඇතැයි ද දැක්වේ.මෙම පණිවිඩයේ මුලාශ්‍රය ලෙස ප්‍රසිද්ධ විද්‍යුත් නාලිකාවක නමක්ද සදහන්වීම මෙම පුවත සත්‍යයක් යැයි ඒත්තු ගැන්වීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ. තවද මේ දිනවල මෙරටට පැමිණි විදේශිකයන් පිරිසක් හා සංවිධානාත්මක පිරිසක් විසින් ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් හෙළිවී ඇති අතර ඔවුන් විසින් ATM යන්ත්‍ර ආශ්‍රිතව යම් උපකරණ සවි කර ඒවා මගින් ලබාගන්නා ගනුදෙනුකරුවන්ගේ විස්තර රැස් කර ඒ දත්ත උපයෝගී කරගනිමින් ව්‍යාජ ATM කාඩ්පත් නිපදවා මෙම ජාවාරම සිදුකරනු ඇතැයි වාර්තා වේ.මේ නිසා ATM යන්ත්‍ර මගින් ගනුදෙනු කිරීමේදී ඉතාමත් පරික්ෂාකාරී ලෙස ගනුදෙනු කරන ලෙස ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටින අතර බැංකු ජාල පද්ධතිය කිසිදු විටෙකත් හැක්විමක් සිදුනොවී ඇතිබවත් ඒ පිලිබදව අනිසි බියක් ජනයා ඇතිකරගතයුතු නැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස වගකීමෙන් අවධාරණය කරමු.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට