කේරළ ගංජා කිලෝ 20 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..
කන්දකුලිය, ඊච්චන්කාඩුව වෙරළ තීරයේ දී කේරළ ගංජා කිලෝ 20 යි ග්‍රෑම් 35 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලැබුනු තොරතුරක් මත අද (18) අළුයම් කාලයේ සිදුකරන ලද මෙහෙයුමකදී මෙම ගංජා තොගය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් හෙට (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.