සත්‍යයේ පුවත් අඩහැරය….

ජනපති හා විපක්ෂ නායක 2015 වසරේ ලද ජයග්‍රහණය ආපසු හැරවීමේ උත්සහයක නිරතව සිටිනවා – සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එක්ව 2015 ජනාධිපතිවරණයෙන් ලද ජයග්‍රහණය ආපසු හැරවීමේ උත්සහයක නිරතව සිටින බව සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ සාමාජික ගාමිණි වියන්ගොඩ මහතා විසින් පසුගිය දා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ව්‍යවස්ථාදායක සභාව විකාරයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති අතර ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ නිකුත් කරමින් ජනාධිපතිවරයා ජනතාව නොමග යැවීමේ උත්සහයක නිරතව සිටින බවයි.

2015 ජනාධිපතිවරණයට පෙර රටතුළ පැවති අහිතරක තත්ත්වය යළිත් ඇතිකිරීමේ උත්සහයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නිතරව සිටින අතර එවැනි තත්ත්වයකට රට ඇද දැමීමට කිසිදු අවස්ථාවක් ලබානොදෙන්නැයි සියළුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව ද ගාමිණි වියන්ගොඩ මහතා තවදුරටත් පවසා සිටියි.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා විවිධ දේශපාලන කල්ලි කණ්ඩායම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අවි අමෝරා ගෙන සිටින බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ රටෙහි පැවති අහිතකර තත්ත්වය රටින් ඉවත්කර ගැනීමට හැකිවූයේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් බවත් රජයේ ආයතන වලට ප්‍රධානීන් පත්කිරීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පිටින් කටයුතු කර ඇති බව ද සමන් රත්නප්‍රිය මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සාධාරණ සමාජයක් සදහාවූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් වන කේ.ඩබ් ජනරංජන, චන්ද්‍රගුප්ත තේනුවර, ජේ.සී වැලිඅමුණ සහ ලාල් විජේනායක යන මහත්වරුන් ද සහභාගි වී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට