සත්‍යයේ පුවත් අඩහැරය….

රන් බිස්කට් තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපලේදී  පුද්ගලයෙකු අත්අඩංගුවට…

Podu Jana Peramunaඉනෙහි බද පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සගවා ගෙන කටුනායක ගුවන් තොටුපලින් පැමිණි කොටහේන ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු තම හාම්පුතා වෙනුවෙන් විදේශගත වී, ඔහුට අවශ්‍ය භාණ්ඩ ගුවන් මඟින් මෙරටට ගෙනවිත් අලෙවි කිරීමේ කටයුතුවල යෙදෙන ව්‍යාපාරික සහායකවරයෙකු බව වාර්තා වේ. ඔහු ඊයේ(25) දහවල් 12.45 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , ව්‍යාපාරිකයන් විසින් තමන් රැගෙන එන භාණ්ඩ සදහා බදු ගෙවා ගුවන් තොටුපළෙන් පිටව යෑමට ඇති ” රාක්ත මාවත ” ඔස්සේ ගමන් ගනිමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත් ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමන වන බව වැඩි දුරටත් වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට