සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ග්‍රාමසේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ..

Podu Jana Peramunaවෘත්තීමය ඉල්ලීම් 17 ක් මුල් කර ගනිමින් දිවයින පුරා සේවය කරන ග්‍රාමසේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සුදානම් වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.අදාළ ඉල්ලීම් 17 ඇතුළත් සංදේශයක් මේ වන විට ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවත්, එහි පිටපත් අගමැතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු වගකිව යුත්තන් වෙත යොමු කර ඇති බවද එම සංගමය සඳහන් කරන අතර ග්‍රාම නිලධාරීන් සඳහා වෙනම සේවා ව්‍යවස්ථාවක් ස්ථාපනය කිරීම, වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම, ග්‍රාම නිලධාරී ශ්‍රේණි ක්‍රමය තුළින් සිදුවන අසාධාරණ අවම කිරීම, සන්නිවේදන දීමනාවක් ලබා දීම, ජාතික හැදුණුම්පත් සකස් කිරීම සඳහා දීමනාවක් ලබා දීම, නිල ඇදුම් දීමනාවක් ලබා දීම, විවිධ අරමුදල් එකතු කිරීම වෙනුවෙන් දීමනාවක් ලබා දීම, මාරු මණ්ඩල ප්‍රතිපත්තියට පටහැනි ආකාරයට ස්ථාන මාරුවීම් සිදු නොකිරීම, තරග විභාගවලින් බඳවා ගැනීම සහ නියමිත කාලයට කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම ඇතුළු ඉල්ලීම් 17 ක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති සංදේශයට ඇතුළත් වේ. තම ඉල්ලීම් සම්බන්ධයෙන් වගකිවයුතු නායකයින් නිසි පිළිතුරු ලබා නොදෙන්නේ නම් එක් දින වැඩ වර්ජනයකට සහ විරෝධතා ව්‍යාපාරයකට යොමු වීමට තම සාමාජිකයින් තීරණය කර ඇති බවද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට