සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගුරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් අරගල කල ගුරුවැන්ට පොලීසිය ලවා පහරදීම හෙළා දකිනවා, කේ.ඞී. ලාල්කාන්ත…

Podu Jana Peramunaගුරු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමය විසින් ඉසුරුපාය අසලදී ඊයේ (28) දින සංවිධානය කළ උද්ඝෝෂණයට ම්ලේච්ඡ ලෙස පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල අතර එම ප‍්‍රහාරය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථාය ලෙස තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. එම ප‍්‍රහාරයෙන් ගුරුවරුන් පිරිසක් තුවාල ලබා ඇති අතර අසාධ්‍ය තත්වයේ පසු වූ ගුරුවරයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. තමන්ගේ අයිතීන් වෙනුවෙන් පමණක් නොව අනාගත දරු පරපුරේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් යහපත් පුරවැසියන් කිරීම අරමුණු කරගත් ඉතා වැදගත් භූමිකාවකට පණ පොවන ගුරුවරු හට පොලීසිය ලවා එල්ල කරන ලද මෙම ප‍්‍රහාරය මගිින් තහවුරු වන්නේ ආණ්ඩුව අයිතීන් ඉල්ලා සටන් කරන ජනතාවට සලකනු ලබන්නේ කෙසේද යන්නයි.

සංවිධානය වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය රටේ මූලික නීතියක් පවා තහවුරු කර තිබියදී මේ ආකාරයට පාලකයන් කටයුතු කිරීම නින්දා සහගත බවත් මෙම මර්දනකාරී ක‍්‍රියා පිළිවෙත වහාම අකුලාගන්නා ලෙසට ආණ්ඩුවට බලකරන අතර ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වැඩකරන ජනතාව ප‍්‍රමුඛ පොදු ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව ගත හැකි ඉහළම ක‍්‍රියාමාර්ග ගන්නා බවද රනිල් වික‍්‍රමසිංහලාගේ සහ අකිල විරාජ්ලාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාව පිළිබඳ රටේ සමස්ත ගුරු පරපුර අවධියෙන් සිටිය යුතු බවද මෙහිදි අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට