කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්..
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද (02) රාත්‍රී 09.00 සිට හෙට (03) සවස 03.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව කොළඹ 13,14 සහ 15 යන ප්‍රදේශයන්ට ජල සැපයුම අත්හිටුවන බවත් කොටුව සහ පිටකොටුව යන ප්‍රදේශ සදහා අඩු පීඩනයකින් ජලය සපයන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.