සත්‍යයේ පුවත් අඩහැරය….

මහා ශිව රාත‍්‍රී දිනය අදයි..

Podu Jana Peramunaලොව සමස්ත හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන මහා ශිව රාත‍්‍රී දිනය අදට (04) යෙදී ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් සුභාශිංෂණ පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ තම ප්‍රමුඛ නිමැවුම්කරුවා ලෙස සලකන ශිව දෙවියන් උදෙසා නිදිවරමින් උපවාස රකිමින් තම අධ්‍යාත්මික සංවරතාවය වෙනුවෙන් කටයුතු කරන ආගමික හා සංස්කෘතික දිනය ලෙස සලකමින් මහා ශිව රාත‍්‍රී දිනය සමරන ලොවපුරා හින්දු බැතිමතුන්ගේ අධ්‍යාත්මක ජීවිත අලෝකමත් වේවායි ප්‍රාර්ථනා කරන බවයි. මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් සුභ පණිවුඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසන්නේ ආගමික, වාර්ගික සහ සංස්කෘතික වශයෙන් වෙන්ව පවතින සුන්දරත්වය හඳුනා ගැනීමට මහා ශිව රාත‍්‍රි දිනය අගනාම අවස්ථාවක් බවයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මහා ශිව රාත‍්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර ඇත. එහි සදහන්ව ඇත්තේ හින්දු දර්ශනය සහ එහි අංග මෙරට ජන සමාජය එක්කරමින් සංස්කෘතිය විචිත‍්‍රවත් කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට