සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ අනාගත බලාපොරොත්තුව වන සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විපක්ෂය පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

Podu Jana Peramunaතමන්ට දේශපාලනමය වශයෙන් දැවැන්ත අභියෝගයක් බවට පත්ව ඇති බැවින් විපක්ෂය විසින් මේ වන විට ඉතා යහපත් ලෙස සිය දේශපාලන ගමන් මග ගොඩනගාගෙන තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විනාශ කිරීමේ දැවැන්ත උත්සහයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කර සිටියි. ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මුජිබර් රහුමාන් මහතා මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ විපකෂයේ මෙවැනි ළදරු ක්‍රියාවන් දැඩි ලෙස හෙලා දකින බවයි.

රාජපක්ෂ බලකොටුව වන හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉතා සාර්ථකව සිය දේශපාලන ගමන් සකසා ගෙන ඇති සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව පිළිගත නොහැකි, ව්‍යාජ චෝදනා එල්ල කිරීමට විපක්ෂය විවිධ පුද්ගලයින් යොදාගනිමින් ලැජ්ජා සහගත උත්සහයක නිතරව සිටින අතර මාධ්‍ය ආයතන පවා ඊට අවස්ථාව සැලසීම සම්බන්ධයෙන් කණගාටු වන බව ද මුජිබර් රහුමාන් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ තමන්ට එල්ල වන පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේ අවශ්‍යතාවයක් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට නොමැති බවයි. වත්මන් ආණ්ඩුව බලයට පත්ව මේ වන විට ගතව ඇති වසර 04 ක කාලය තුළ කිසිවෙකුට හෝ සිතාගත නොහැකි ආකාරයේ සේවාවක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකර ඇති අතර පසුපෙළ මන්ත්‍රීවරුන් ලෙස එක්සත් ජාතික පක්ෂයේ මීළග බලාපොරොත්තුව කුමක්දැයි යන්න මේ වන විට මනාව පැහැදිලි වී ඇති බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පවසා සිටින ලදී.

අකාර්යක්ෂමව පවතින මෙරට රාජ්‍ය සේවාව ඉතා කාර්යක්ෂම තත්ත්වයකට පත්කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට කටයුතු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා නුදුරු අනාගතයේ දී රටේ නායකත්වයට පත්වනු ඇතැයි සමස්ත රටේම ජනතාව බලාපොරොත්තුවෙන් සිටින අතර එම බලාපොරොත්තුව අනිවාර්යයෙන්ම ඉටුවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී. රටේ කිසිවෙකු හෝ නොදන්නා, රස්තියාදුකාර, නොවැදගත් පුද්ගලයින් දිනෙන් දිනම චරිත බවට පත්වෙමින් සිටින අතර එවැනි අවස්ථාවක් එම පුද්ගලයින්ට හිමිවී ඇත්තේ මෙරට මාධ්‍යෙය් ක්‍රියාකාරීත්වය අනුව බවත් එබැවින් එසේ වගකීම් විරහිතව නොහැසිරෙන් ලෙස ඉල්ලා සිටින බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා ද සහභාගිවී අදහස් දක්වන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට