සත්‍යයේ පුවත් අඩහැරය….

ආසියාවේ අභිමානය කථානායක කරු ජයසුරිය මහතාට පිරිනැමේ…

Podu Jana Peramunaඅබ්දුල් කලාම් කළමණාකරන හා තාක්ෂණ අධ්‍යන ආයතනයෙන් කථානායක කරු ජයසුරිය මහතාට Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය පිරිනමා ඇත. ඉන්දියාවේ කීර්තිමත් ජනපතිවරයෙකු මෙන්ම ලෝක ගෞරවාදරයට පාත්‍ර වූ විශීෂ්ඨ විද්වතෙකු වන ආචාර්ය අබ්දුල් කලාම් ජනපතිවරයා නමින් ක්‍රියාත්මක වන අබ්දුල් කලාම් කළමණාකරණ හා තාක්ෂණ විද්‍යායාතනය මඟින් Pride Of Asia (ආසියාවේ අභිමානය) සම්මානය ඊයේ (05) දින කථානායක කරු ජයසුරිය මහතා වෙත පිරිනමා ඇත.

මෙම අවස්ථාවට එම ආයතනය නියෝජනය කරමින් අබ්දුල් කලාම් ජනපතිවරයාගේ සමීපතමයකු මෙන්ම භාරතයේ කීර්තිමත් විද්වතෙකු වන භාරතය පද්ම ශ්‍රී සම්මානලාභි ආචාර්ය විජායි ශා (Vijay shah) මහතා ද සහභාගී සිටිම විශේෂත්වයක් විය.

ආචාර්ය විජායි ශා මහතා අතින් කථානායකවරයා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර, එය ශ්‍රී ලාංකික ගෞරවනීය පුරවැසියෙකුට පිරිනැමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බව අබ්දුල් කලාම් විද්‍යායාතනයේ නියෝජිතයෝ සඳහන් කරන ලදි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඓතිහාසික සබඳතාවය,ආර්ථික,අධ්‍යාපනික,සංචාරක,අංශ ඔස්සේ ඉදිරියට ගෙන යමින් එහි ප්‍රතිඵල දෙරටෙහි ජනතාවට පත්කර දීමට කාලය එළඹ ඇති බව Pride Of Asia සම්මානය පිළිගනිමින් කථානායකවරයා සදහන් කරන ලදි.

ඉන්දියා‍නුවන් ලබා සිටින සිග්‍ර තාක්ෂණ දියුණුව සහ අධ්‍යාපන බහුවිද සංවර්ධනයන් තුලින් ශ්‍රී ලංකාවටද ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවද මෙහිදී ආචාර්ය විජායි ශා මහතා සඳහන් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් දඹදිව බුද්ධ දේශය වන්දනා කරන ලෙසට රාම-රාවන පුරාවෘත්තය පිළිබඳව ඉන්දියානුවන් තුල තිබෙන විශ්වාසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ‍ඓතිහාසික ස්ථාන නැරඹීමට ඉන්දියානුවන් තුල ඇති ආකර්ශණය ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය දියුණු කිරිමෙහිලා විශාල පදනමක් බවට පත්කර ගත හැකි බවද, ඉන්දු ශ්‍රී ලංකා ඓතිහාසික මිත්‍රත්වය ශ්‍රී ලංකාවට ලබාදුන් වටිනාම දායාදය බුදු දහම බවද, වර්තමානයේ දෙරට අතර සහයෝගය හා මිත්‍රත්වයතුලින් දෙරටට බොහෝ ඵලදායක ප්‍රතිඵල අත්පත් කරගත හැකි බවද සඳහන් කල කථානායකවරයා තමා වෙත පිරිනැමූ සම්මානය සමස්ත ශ්‍රී ලාංකියන්ට කල ගෞරවයක් ලෙස එහිදී අදහස් දක්වා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට