සත්‍යයේ පුවත් අඩහැරය….

“සුහුරු කතක් – සොඳුරු ලොවක්”, ලෝක කාන්තා දිනය අදයි..

Podu Jana Peramunaඅද (08) දිනට යෙදී ඇති ලෝක කාන්තා දිනය “සුහුරු කතක් – සොඳුරු ලොවක්” යන තේමාව ඔස්සේ සැමරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙවර ජාත්‍යන්තර කාන්තා දින ප්‍රධාන සැමරුම් උත්සවය අනුරාධපුර සල්ගාදු ක්‍රිඩාංගනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. 1908 වසරේ මාර්තු 08 වන දින අමෙරිකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් විසින් සිදුකළ විරෝධතාවයක් පදනම් කර ගනිමින් 1911 වසරේදී ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කර ඇති අතර එදා සිට මේ දක්වා ලෝකයේ සෑම රටකම එය සැමරීම සදහා උත්සව පවත්වා ඇත. ශ්‍රි ලංකාවට අභිමානයක් රැගෙන එමින් විවිධ ක්ෂේත්‍රවල ගෞරවයට ලක්වීමට ශ්‍රි ලාංකික කාන්තාවන්ට හැකි වී ඇති බව කාන්තා දිනයට සුභපැතුම් එක්කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශයක්ද නිකුත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට