සත්‍යයේ පුවත් අඩහැරය….

විධායක ජනාධිපති ධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට මුලින්ම යෝජනා කළේ මමයි – හිටපු ජනාධිපතිනි

Podu Jana Peramunaරට තුළ ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ධුරය කොන්දේසි විරහිතව අහෝසි කිරීමට නව ව්‍යවස්ථාවක් සකස් කරමින් 2000 වසරේ අගෝස්තු 03 වැනිදා රටට සහ පාර්ලිමේන්තුවට මුලින්ම යෝජනා කරනු ලැබුවේ තමන් බවත් එම අවස්ථාවේ එය සම්මත කර ගැනීමට නොහැකිවීම සම්බන්ධව එවකට පාර්ලිමේන්තුවේ සිටි විපක්‍ෂය වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. ඒ මහත්මිය වැඩිදුරටත් පවසා සිටින්නේ නැවත වරක් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් ඉතාම හොඳ බවය. තමන්ට නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවිමේ අවශ්‍යතාවයක් නොමැති බවත් කඩා වැටී ජරාවී තිබෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නැවත නඟාසිටුවීම සඳහා තමා උපරිම සහය ලබාදෙන බවට එතුමිය ප‍්‍රකාශ කර ඇත. මේ අතර මෙවර අයවැය ලේඛනයේ ඈත පිටිසර ගම්මානවල ජනතාවගේ දිළිඳුකම තුරන් කිරීම සඳහා හොඳ යෝජනා ඇති බවත් ජනතාව නඟාසිටුවීම සඳහා කි‍්‍රයාත්මක රජයේ ව්‍යෘපාතියක් වන ගම්පෙරළිය සහ එන්ටප‍්‍රයිස් ශී‍්‍ර ලංකා වැඩසටහන නිසි ලෙස කි‍්‍රයාත්මක වුණහොත් ඉන් ජනතාවට වාසි රැසක් අත්වන බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට