සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පුද්ගලික බස් හිමියන්ට බස් රථ 1000 ක් ලබාදීමේ යෝජනාව ශ්‍රී ලංගමය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් – සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය

Podu Jana Peramunaණය සහන මත පෞද්ගලික බස් හිමියන්ට බස් රථ 1000 ක් ලබාදෙන ආකාරයටම ශ‍්‍රී ලංගමයට ද බස් රථ 1000 ක් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමයේ සභාපති සේපාල ලියනගේ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇති ලිපියක මේ බව සදහන්ව ඇත.

නව අයවැය යෝජනාවලිය තුළින් පෞද්ගලික බස් හිමියන්ට අධිවේගී මාර්ගයේ ධාවනය කිරීම සඳහා සුඛෝපභෝගී බස්රථ 1000 ක් ණය සහන පදනම මත ලබාදීමටත් ශ‍්‍රී ලංගමයට බස් රථ 250 ක් පමණක් ලබාදීමටත් යෝජනා කිරීම, ශ‍්‍රී ලංගමය විනාශ කිරීමේ දීන කුමන්ත‍්‍රණයක් ලෙස තරයේ විශ්වාස කරන බව ද මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ය.

මෙම ක‍්‍රියාවලිය තුළින් ශ‍්‍රී ලංගමය විනාශ කර පෞද්ගලික ප්‍රවාහන අංශය වර්ධනය කිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වන බව අවධාරණය කර සිටින බවත් අධිවේගී මාර්ගයේ ධාවනය කිරීමට පෞද්ගලික බස් හිමියන්ට සුඛෝපභෝගී බස් රථ 1000 ලබාදෙන ආකාරයටම රාජ්‍ය ප‍්‍රවාහන සේවාවක් වන ශ‍්‍රී ලංගමයට ද බස් රථ 1000 ක් ලබාදීමට මැදිහත් වන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය මෙම ලිපිය තුළ වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට