සත්‍යයේ පුවත් අඩහැරය….

පාතාල සාමාජික “කංජිපානි ඉම්රාන්” ගේ ප්‍රධාන ගෝලයෙකු වන “බුම්බා” අත්අඩංගුවට..

Podu Jana Peramuna“කංජිපානි ඉම්රාන්” නැමැති අපරාධ රැසකට සම්බන්ධ, පාතාල සාමාජිකයාගේ ප්‍රධානතම ගෝලයෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් “බුම්බා” යන අය අද (13) අළුයම් කාලයේදී පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද අළුයම ගම්පොල, ගම්පොලවෙල ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ සැකකරු කුඩු චූටි නමැති කාන්තාව ඝාතනය කිරීමට උත්සහ කිරීම මෙන්ම තවත් මනුෂ්‍ය ඝාතන කිහිපයකටම සම්බන්ධ සැකකරුවෙකු බවට තොරතුරු අනාවරණයවී ඇත. 33 හැවිරිදි මෙම සැකකරු කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් වැඩිදුරටත් පරීක්ෂණ කටයුතු සිදුකරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට