සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවේ ගැටළු වලට මෙතෙක් විසදුම් ලැබී නෑ – රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරාජ්‍ය කළමනාකරණ සහකාර සේවාවට අදාළ වෘත්තීය ගැටළු සදහා කිසිදු රජයක් විසින් මෙතෙක් විසදුම් ලබාදීමට කටයුතු කර නොමැති බව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිම විමලසුරේන්ද්‍ර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් විමලසුරේන්ද්‍ර මහතා පවසා සිටියේ සිය ගැටළු වලට විසදුම් ලබාගැනීමේ අරමුණින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේදී තමන් ආණ්ඩුව නොව විපක්ෂය නියෝජනය කරන තත්ත්වයක් උදාවී ඇති බැවින් අදාළ ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීමට හැකියාවක් නොමැති බව හැගවෙන පරිදි ජනාධිපතිවරයා විසින් අදහස් පළකරන ලද බවයි. යම් යම් අවස්ථාවලදී විධායක ජනාධිපතිවරයා වශයෙන් සෘජුව අදහස් පළකරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සිය ගැටළු සම්බන්ධයෙන් විමසා සිටීමේදී විපක්ෂය නියෝජනය කරන බව හගවා අදහස් පළකිරීම ගැටළු සහගත බවත් තමන්ට ලකුණු දමාගැනීමට අවස්ථාවක් ලදවිට විධායක ජනාධිපතිවරයා ලෙසත් රාජ්‍ය සේවකයින්ගේ ගැටළුවලදී විපක්ෂය නියෝජනය කරන බවත් පවසා රාජ්‍ය සේවකයින් මගහැරීම ඉතා කණගාටුදායක බවත් චන්දිම විමලසුරේන්ද්‍ර මහතා මෙහිදී තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

වැටුප් ඉහළ නොදැමීම, නිසි උසස්වීම් පටිපාටියක් නොමැතිවීම මෙන්ම වැටුප් විෂමතා ආදී වෘත්තීය ගැටළු 13 ක් මේ වන විට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවාව තුළ උද්ගතව ඇති අතර මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කර වහාම විසදුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද චන්දිම විමලසුරේන්ද්‍ර මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයේ සභාපති යූ. පළිහවඩන, භාණ්ඩාගාරික යූ.කේ.පී අතුල සහ උප ලේකම් තුසිතා මල්කුමාරි යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට