සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවැය ගැන ශ්‍රී.ල.නි.පය දැක්වූ ප්‍රතිචාරය, නව සන්ධානයක් සදහා වන සාකච්ඡාවන්ට අහිතකර ලෙස බලපාලා – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaමෙවර අයවැය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දක්වන ලද ප්‍රතිචාරය, පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සිදුකරමින් යන සාකච්ඡාවන් සදහා අහිතකර ලෙස බලපා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභපාති හිටපු අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියාසිටියේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කෙතරම් සාකච්ඡා පැවැත්වුව ද තීරණාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ නම් ඉන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වන බවයි. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වන අයවැය පරාජය කිරීමට කටයුතු නොකර එය ආරක්ෂා කරදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් සාකච්ඡා කෙතරම් පැවැත්වූවද විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් දැඩි ගැටළුකාරී තත්ත්වයක් ඉන් උද්ගත වන බවද ජී.එල්. පීරිස් මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

අයවැය සම්බන්ධයෙන් මතුව ඇති මෙම තත්ත්වය හමුවේ එය ජයගැනීම සදහා ආණ්ඩුව කෙසේ හෝ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහය ලබාගැනීමට කටයුතු කරන බවත් ආණ්ඩුව නැවතත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් දැවැන්ත පාවාදීමක් සිදුකළේ ද එම අරමුණ ඇතිව බවත් ජී.එල්. පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියේ යුද්ධයක් පවා පැවති කාලය තුළ 2005 වසරේදී රට භාරගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, යුද්ධය අවසන් කර ජනතාවට සිතාගැනීමට පවා නොහැකිවූ අකාරයට රටේ සමස්ත මාර්ග පද්ධතිය දැවැන්ත සංවර්ධනයකට ලක්කළ බවයි.

මහින්ද රාජපක්ෂ මහතා රට භාරගන්නා විට රට තුළ කාපට් මාර්ග ලෙස පැවතියේ කොළඹ – ගාල්ල, කොළම – නුවර සහ හයිලෙවල් යන මාර්ග තුන පමණක් වූ අතර එම කාලය වන විට අධිවේගී මාර්ග යනු සිහිනයක් පමණක් වූ අතර එය යථාර්තයක් බවට පතකළේ මහින්ද රාජපක්ෂ මහතා විනා වර්තමාන ආණ්ඩුව නොවන බවත් රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී. නුදුරු දිනයකදී උදාවන සිංහල හින්දු නව අවුරුදු වෙනුවෙන් පවත්වනු ලබන බක් මහ උළෙලවල්හි හොදම බොරුව කීමේ තරගයට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි කරවාගන්නා ලෙස මෙම ස්ථානයට පැමිණ සිටින මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින අතර එහිදී අග්‍රමාත්‍යවරයා ඕනෑම පුද්ගලයෙකු පරාජය කර එම තරගයෙන් ජයගනු ඇති බව ද අබේගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී.

හිටපු විපක්ෂ නායකවරයෙකුට විවිධ වරදාන ලබාදෙන්නේ කුමන පදනමකින්දැයි විමසා සිටින බවත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාට නිල නිවසක්, නිල වාහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටළු සහගත බවත් අයවැයට සහය ලබාගැනීමේ අරමුණ ඇතිව ආණ්ඩුව ද්‍රවිඩ ජාතික සන්ධානයට මෙවැනි වරදාන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරමින් සිටින බව මනාව පැහැදිලි බවත් සිය අදහස් දක්වමින් අබේගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලන ලේකම් රේණුක හේරත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කාංචන ජයරත්න මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට