සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රෝගීන් මුහුණ දී ඇති පීඩාකාරී, ගැටළු සහගත තත්ත්වයන්ට විසදුමක් ප්‍රඥප්තියක් සකස් කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා – රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරට අහිංසක රෝගීන් මුහුණ දී සිටින විවිධ පීඩාකාරී ගැටළු සහගත තත්ත්වයන්ට විසදුමක් ලෙස නිසි ප්‍රඥප්තියක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මෙන්ම රෝගීන් වෙනුවෙන් සිදුකළේ කුමක්දැයි යන්න මෙරට වෛද්‍යවරුන් විසින් පැහැදිලි කළයුතුව ඇති බවයි.

තම ක්ෂේත්‍රයට අයත් නොවන සිංගප්පූරු වෙළද ගිවිසුම, සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි කරුණු සම්බන්ධයෙන් අදහස් පළකලද මෙරට රෝගීන්ගේ ගැටළු සම්බන්ධයෙන් වෛද්‍යවරුන් කිසිදු විටෙන පෙනීනොසිටින බව ද එදිරිසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී. වෛද්‍යවරුන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් රෝගීන් දැඩි පීඩාවකට මෙන්ම දැඩි අසරණභාවයකට පත්ව ඇති අතර රජයේ රෝහල් වල ආරක්ෂක නිලධාරියාගේ සිට වෛද්‍යවරයා දක්වා වූ පිරිස රෝගීන්ට දක්වන්නේ ඉතා අවම සැලකිල්ලක් බවත් මෙම තත්ත්වයට විසදුම් ලබාදීම සදහා නිසි ප්‍රඥප්තියක් සකස් කරන ලෙසත් රෝගීන්ට වන්දි ලබාගැනීම සදහා ස්වාධීන කමිටුවක් පත්කරන ලෙසත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද ධම්මික එදිරිසිංහ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රෝගීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක සුජීව බණ්ඩාර මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට