නාවික හමුදා මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් දැලේ..
ඊයේ (20) රාත්‍රී කාලයේ නාවික හමුදාව විසින් තලේයිමන්නාරම ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 05 ක් පමණ දුරින් වන මුහුදු ප්‍රදේශය තුළ සිදුකරන ලද මෙහෙයුමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 912 යි ග්‍රෑම් 460 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ගෝනි 27 කින් යුතු අදාළ බීඩි තොගය ඩංගි බෝට්ටුවක් මගින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.