සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තනි ගමනක් යෑම සදහා පක්ෂය සමග එක්ව කටයුතු කරනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය

Podu Jana Peramunaපක්ෂ නායකත්වය විනාශ කිරීමේ කූඨ උපක්‍රමයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ පවතින බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීම ඉතා භයානක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැස්බෑව ආසන සංවිධායක රජික කොඩිතුවක්කු මහතා විසිනි.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කවුරුන් රජ වුවත් තමන් වැඩකාරයා යන මතයේ සිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරන අතර මෙරට දේශපාලන සංස්කෘතිය පූර්ණ වශයෙන් විනාශ කරන ලද්දේ ද බැසිල් රාජපක්ෂ මහතා විසින් බවයි. වෙස් මුහුණ පැළද කටයුතු කරන පිරිස් නිවැරදි ලෙස හදුනාගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආරක්ෂා කරගනිමින් කටයුතු කරන ලෙස පක්ෂයට ලැදි සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින බව ද රජික කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජික, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක බණ්ඩාර අතුකෝරළ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නැවත නැගීසිටීම තමන්ට අභියෝගයක් බව මහින්ද රාජපක්ෂ පාර්ශවය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු මෙරට අනෙකුත් පක්ෂ සියල්ලම හොදින් අවබෝධ කරගෙන ඇති අතර ඊට විසදුමක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටවාචාලයින් ලෙස හැදින්වෙන එස්.බී දිසානායක, තිලංග සුමතිපාල සහ ඩිලාන් පෙරේරා වැනි මහත්වරුන් නම්මා ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රැවටීමට ලක්කිරීම බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර වැනි මහත්වරුන් සමග එක්ව පක්ෂය ගොනැංවීමට කටයුතු කරන විට කුඩු ලන්සා, ඉසුර දේවප්‍රිය සහ ඩිලාන් පෙරේරා වැනි පුද්ගලයින් විසින් පක්ෂ ලේකම්වරයාට පහරගැසීමට උත්සහ කරන බව ද බණ්ඩාර අතුකෝරළ මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සභාපති වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර, ජාතික සංවිධායකවරයා සහ පක්ෂයේ ප්‍රගතිශලි සාමාජකයින් සමග එක්ව එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණටත් දැවැන්ත අභියෝගයක් වෙමින් ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ අභිමානය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සදහා තම සංවිධානය සෑමවිටට පක්ෂයේ කටයුතු සමග එක්ව සිටින බව ද සිය අදහස් දක්වමින් බණ්ඩාර අතුකෝරළ මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක එම්.එම්.එම් අම්ජාඩ්, කඩුවෙල මහනගර සභා හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස සහ ඩිලංක වීරකොන් යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට