සත්‍යයේ පුවත් අඩහැරය….

මානව හිමිකම් යෝජනාවට සම අනුග්‍රහය දැක්වූයේ ඉන් රටට කිසිදු හානියක් සිදුනොවන නිසයි, රටට හානිවන කිසිදු යෝජනාවකට කිසිවිටෙක එකග වන්නේ නෑ – අමාත්‍ය සුජීව සේනසිංහ

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ අත්තිවාරම මත රටට ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට හැකිවූ බවත් යුද්ධයෙන් පසුව රටට විශාල බලපෑමක් එල්ල ‍නොවන අකාරයෙන්, ජිනීවා මානව හිමිකම් කවන්සිලයේ චෝදනාවන්ට මුහණ දී සියළුදෙනාගේම අයිතීන් ආරක්ෂා කිරීමට ද වත්මන් ආණ්ඩුව කැපවී සිටින බවත් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (21) කොළඹ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු රටට විශාල ජයග්‍රහණ රැසක් අත්කරගැනීමට හැකිවූ බවයි.

යුද්ධයෙන් පසුව රටට විශාල බලපෑමක් සිදුනොවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදුකරන ලබන චෝදනාවන්ට නිසි පරිදි මුහුණ දෙමින් සමස්ත ජනතාවගේම අයිතීන් ආරක්ෂා කිරීමට ද ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් රටත්, ජනතාවත් ගැන අවධානය යොමුකරමින් රටේ ඉදිරිගමන ශක්තිමත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් එවැනි අවස්ථාවන්වලදී පවා ජාතිවාදය අවුළුවමින් බලය ලබාගැනීමට උත්සහ කරන පිරිසක් සිටින බවත් එවැනි පිරිස් වලට පිළිතුරු ලෙස රටේ ඒකීයභාවයට, ස්වෛරීත්වයට හානිවන කිසිදු ආකාරයේ යෝජනාවකට කිසිදු ලෙසකින් එකග නොවී රට ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී.

යුද සමයේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී සිදුවූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිසි පරිදි කටයුතු කිරීම නිසා පසුගිය කාලය තුළ ලොව සංචාරය කිරීමට සුදුසුම රටවල් අතුරින් පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවූ බවත් එය අප ලබාගන්නා ලද දැවැන්ත ජයග්‍රහණයක් බවත් සිය අදහස් දක්වමින් සුජීව සේනසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් මෙරට සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම පිළිබදව මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ එම යෝජනාව තුළ මානව හිමිකම් ආරක්ෂා කරගැනීම සදහා විනා මෙරටට අහිතිකර වන කිසිවක් නොමැති බැවින් ඊට සම අනුග්‍රහය දැක්වූ බවයි.

රටේ ඒකීයභාවයට හානිවන අන්දමේ කිසිදු යෝජනාවකට ආණ්ඩුව එකගතාවය පළනොකරන අතර රට ශක්තිමත් කරන යෝජනාවන්ට පමණක් ආණ්ඩුව සහය ලබාදෙන බව ද සුජීව සේනසිංහ මහතා මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට