සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයට කෘතිම වැසි..

Podu Jana Peramunaවැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මගපෙන්වීම යටතේ එම අමාත්‍යාංශය මගින් පියවර ගෙන තිබේ. මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය, ලංකා විදුලි බල මණ්ඩලය මගින් ඊයේ (22) ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ Y12 ගුවන් යානයක් මගින් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහලින් වු වලාකුළු යොදා ගනිමින් මෙම කෘතිම වැසි අති කිරිම සිදු කර ඇති අතර විනාඩි 45 කාලයක් කෘතිම වැසි ඇති කිරිම සදහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍යය මුදා හැරීමට කටයුතු කර ඇත.

මෙම කෘතීම වැසි ඇති කිරීම සදහා ගිවිසුම් අත්සන් කිරීම, පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු අතර ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන්, විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, ආචාර්ය බී.එම්.එස් බටගොඩ මහතා සහ ගුවන් හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා එම ගිවිසුමට අත්සන් කර ඇත. සෑම වසරකම ශ්‍රී ලංකාවට බලපානු ලබන වියලි කාලගුණික තත්ත්වයන් හමුවේ විදුලිබල ක්ෂේත්‍රය මුහුණදෙන ගැටළු මගහරවා ගැනීමට ස්ථිරසාර විසදුම් සෙවීම පිණිස, විෂයබාර අමාත්‍යවරයා විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල යටතේ මෙම කෘතීම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියට වැදගත් ස්ථානයක් හිමිවේ.

ඒ අනුව ඊයේ දින ආරම්භ කළ නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිරීක්ෂණය කරමින්, වියලි කාලගුණික තත්ත්වය දිවයිනෙන් පහව යනතුරු ඉදිරි සති වලදීද මෙම කෘතීම වැසි ඇති කිරීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ අංශ වලට උපදෙස් ලබා දී ඇත.

මෙම කෘතීම වැසි ඇති කිරීමේ තාක්ෂණය ලබාදීමට තායිලන්ත රජය විසින් සිය එකගත්වය පළකර ඇත. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් විසින් ඊයේ දින මෙම කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යපෘතිය ක්‍රියාක්මක කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට