සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදුහල්පති සහ ගුරු ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් නිහඩයි, ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් පවත්වනවා – විදුහල්පති හා ගුරු සංගම් එකතුව

Podu Jana Peramunaවිදුහල්පති හා ගුරු සේවාවන් තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුම් ලබාදීමට අධයාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයක් දියත් කරන බව විදුහල්පති හා ගුරු සංගම් එකතුව අනතුරු අගවා සිටියි. ඊයේ (26) බොරැල්ල, එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී විදුහල්පති හා ගුරු සංගම් එකතුවේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස් ද සේරම් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ සිය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා පසුගියදා දියත් කරන ලද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක බවයි. කෙසේවෙතත් සිය ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා මේවන තෙක් කටයුතු කර නොමැති බවත් ලබන අප්‍රියෙල් 22 පසු නැවත සාකච්ඡා කර දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට කටයුතු කරන බවද සේරම් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

වත්මන් ආණ්ඩුව ප්‍රති ත්‍රස්ස පනත හදුන්වාදී වෘත්තීය සමිති ඇතුළු සමාජ සාධාරණයන්ට එරෙහිව හඩනගන පුද්ගලයින් සහ කණ්ඩායම් නිහඩ කිරීමට උත්සහ කරමින් සිටින බවත් යම් හෙයකින් මෙම පනත සම්මත කිරීමට පාර්ලිමේනතු මන්ත්‍රීවරුන් සිය සහය ලබාදුනහොත් හොත් ඉදිරි මැතිවරණය වලදී ඔවුනට ජනතාව ඉදිරියට ඒම සදහා කිසිදු අයිතියක් නොමැති බවත් ජනතාව විසින් එවැනි පිරිස් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් සේරම් මහතා තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට