සත්‍යයේ පුවත් අඩහැරය….

ගුරු, විදුහල්පති දුෂ්කර දීමනාව ප්‍රමාණවත් නෑ – ලංකා ගුරු සේවා සංගමය

Podu Jana Peramunaමෙරට දුෂ්කර පාසල් වල සේවයේ යෙදී සිටින ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන දුෂ්කර දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. දුෂ්කර ප්‍රදේශ වල පාසැල් වල සේවය කරන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට සිය රාජකාරී සදහා පැමිණීමට පමණක් මාසිකව අතිවිශාල මුදලක් වැයවන නමුත් රජය මගින් ඔවුනට ගෙවනු ලබන දුෂ්කර දීමනාව කිසිදු ලෙසකින් ප්‍රමාණවත් නොවන බව එ සංගමය වැඩිදුරටත් පවසා සිටියි. මේ වන විට දුෂ්කර දීමනාව ලෙස ගුරුවරයෙකුට රුපියල් 1500 ක් සහ විදුහල්පතිවරයෙකුට රුපියල් 2500 ක් ගෙවනු ලබන නමුත් එය ප්‍රමාණයක් නොවීමෙන් එම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පහසුකම් සහිත නාගරික පාසල් වෙත මාරුවීමෙන් දුෂ්කර පාසල් වල සිසුන්ගේ අධ්‍යාපනයට දැඩි බාධා එල්ල වන බව ද ලංකා ගුරු සේවා සංගමය තවදුරටත් අනාවරණය කර සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට