සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු වලට විසදුම් ඉල්ලා වැඩ වර්ජනයක් දියත් කරනවා – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

Podu Jana Peramunaනිසි වැටුප් හා උසස්වීම් නොමැතිව විශ්‍රාම යාමට සිදුවීම නිසා හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තිකයින් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බැවින් එම ගැටළුකාරී තත්ත්වයන් විසදීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇතිබව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අවධාරණය කර සිටියි. ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි. සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ ඉහත සේවාවන් සදහා වසර 06 න් 06 ට උසස්වීම් ලබාදීම සදහා සකස් කර තිබූ “Speed way” නමින් හදුන්වන ලද වැඩපිළිවෙළ අහෝසි කිරීමට ජාතික වැටුප් කොමිසම සහ ආණ්ඩුව විසින් කටයුතු කර ඇති බවයි. ඉහත සේවාවන් වලට අදාළව උපාධි ලබාගන්නා ලද වෘත්තිකයින්ට සරිලන වැටුපක් මේ දක්වා හිමිනොවන බැවින් ඔවුන් දැඩි අසාධාරණයකට ලක්ව සිටින බවයි.

සෞඛ්‍ය සේවාව තුළ ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය පරිපාලන සේවාවක් නොව වෛද්‍ය පරිපාලන සේවාවතක් බැවින් දැඩි ගැටඵකාරී තත්ත්වයන් රැසක් සෞඛ්‍ය සේවාව තුළ හටගෙන ඇති බවත් සෞඛ්‍ය සේවාව තුළ මතුව ඇති මෙවැනි අර්බුදකාරී තත්ත්වයන් විසදීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීම නිසා අප්‍රියෙල් මස 08 වන දින උදෑසන 08.00 සිට පසුදා උදෑසන 08.00 තෙක් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කළ බවද සමන් රත්නප්‍රිය මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය පර්යේෂණ, තාක්ෂණ විද්‍යාඥ සංගමයේ සාමාජික රවී කුමුදේශ් සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සාමාජික උපුල් රෝහණ යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට