සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ආණ්ඩුව “ජාතික ආණ්ඩු” සංකල්පය කරළියට ගෙන එන්නේ වංචා හා දූෂණ සිදුවීම් යටගැසීමටයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaතම කණ්ඩායමේ කිසිවෙකු වත්මන් ආණ්ඩුව සමග ජාතික ආණ්ඩුවක් සදහා එක්නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම අනුව කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. ඊයේ (28) පරිවර්තන කේන්ද්‍රය විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙරට තුළ සිදුවූ දූෂණ සහ වංචා සිදුවීම් සම්බන්ධයෙන් නිසිපරිදි පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් වන අවධානය යටගැසීමේ අරමුණ ඇතිව “ජාතික ආණ්ඩුව” යන සංකල්පය කරළියට ගෙනඒමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ ප්‍රති ත්‍රස්ත පනත හදුන්වාදීම හරහා සිය අයිතීන් වෙනුවෙන් පෙනීසිටින මෙරට ශිෂ්‍ය ව්‍යාපාරය, වෘත්තීය සමිති ඇතුළු වෙනත් සංවිධාන මර්දනය කිරීමට වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු කරමින් සිටින බවයි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජනතා අයිතිවාසිකම් මර්දනය කරමින් සිය අභිමතය පරිදි ගෙන ගිය පාලන ක්‍රමයේ ඉතිරිය, වත්මන් අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරමින් සිටින බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට