මෙරට පළමු බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනපති අතින් ජනතා අයිතියට..
මෙරට තුළ ඉදිකරන ලද පළමු බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (31) ජනතා අයිතියට පත්කරන ලදී. කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය බස් රථ මෙන්ම දුම්රිය සහ අනෙකුත් වාහන නැවතීමේ පහසුකම් වලින් යුක්ත අතර විවිධ ප‍්‍රවාහන සේවා රැසක් මෙහිදී ලබා ගත හැකි වේ.