දිමුත් කරුණාරත්නට ඇප..
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව පොලිස් ඇප මත මුදා හරින ලද ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. දිමුත් කරුණාරත්න අද (01) අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ඔහු මුදා හරින්නැයි නියම කරන ලදි. දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය ද තාවකාලිකව අත්හිටුවන්නැයිද මහේස්ත්‍රාත්වරයා නියම කර ඇත. නඩුව යළි මැයි මස 02 වනදා කැඳවීමට නියමිතව ඇත.