ආහාර සුරක්ෂිතතා සතිය ඇරඹේ..
ආහාර සුරක්ෂිතතා සතිය අද (01) සිට ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව ලබන 07 දා තෙක් දිවයින පුරා මෙම අහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මක වනු ඇති අතර “සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන්න මෙම අහාර සුරක්ෂිතතා සතියේ තේමාව වී ඇත. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මග පෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.