සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනතා ගැටළු විසදන්න ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නෑ, ආණ්ඩුව ඊළග ආත්මයේ ඉපදෙන්නේ සත්තු වත්තක – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

Podu Jana Peramunaබොරු පවසන දිනය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අප්‍රියෙල් පළමු වැනිදා දිනය වඩාත්ම ගැළපෙන්නේ වත්මන් යහපාලන ආණ්ඩුවට බවත් එවැනි දිනයකදී පමණක් නොව අන් සෑම දිනයකදීම බොරු පවසන වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ලොව සිටින මෙවැනි කප්පරක් බොරු පැවසූ එකම අග්‍රාමාත්‍යවරයා ලෙස හැදින්විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසා සිටියි. ඊයේ (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් ඒ මහතා පවසා සිටියේ මේ වන විට උද්ගතව ඇති විදුලි සහ ජල අර්බුදය හේතුවෙන් රටේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින නමුත් රජයට සහ බලධාරීන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු හැගීමක් නොමැති බවයි.

වෙනත් ආණ්ඩුවක් නම් මෙවැනි අවස්ථාවකදී ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා යම් යම් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුකරන මුත් වත්මන් ආණ්ඩුවට එවැනි අවශ්‍යතාවයක් මේ වන තෙක් ඇතිවී නොමැති බව ද රෝහිත අබේගුණවර්ධන මහතා තවදුරටත් පවසා සිටින ලදී. ජනතාවට ජලයත් විදුලියත් ලබානොදීමේ පාපායට හසුවන වත්මන් විදුලිබල අමාත්‍යවරයා ඊළග ආත්මයේදී දිවා කාලයේ ඇස් නොපෙනෙන බනමූ‍ණෙකු හෝ කාන්තාරයක ඔටුවෙකු වී ඉපදෙනු ඇති බවත් ඒ අයුරින්ම වත්මන් ආණ්ඩුවේ මෙන්ම කැබිනෙට්ටුවේ සාමාජිකයින් ඔවුන්ගේ ඊළග ආත්මයන් තුළ සත්තු වත්තක ඉපදෙනු ඇති බවත් අබේගුණවර්ධන මහතා මෙහිදී කවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

දමිළ ජාතික සන්ධානයට විවිධ වරදාන, වරප්‍රසාද ලබාදෙමින් අයවැය ජයගැනීමට වත්මන් ආණ්ඩුව උත්සහ කරමින් සිටින අතර වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ, මේ වන විට ආණ්ඩුවේ කටයුතු විවේචනය කරමින් සිටින නමුත් එසේ ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමට එම පක්ෂයට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බව ද රෝහිත අබේගුණවර්ධන මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගි වෙමින් අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට