සත්‍යයේ පුවත් අඩහැරය….

විල්පත්තුවේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යනවා – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Podu Jana Peramunaවිල්පත්තු රක්ෂිතයේ වන විනාශයක් සිදුවන බවට ව්‍යාජ ප්‍රචාර ගෙනයන්නන්ට එරෙහිව සටන අඛණ්ඩව ගෙන යන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කර සිටියි. කල්මුනේ නගරයේ අද (03) පැවති උත්සවයදී අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇත. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ලක්ෂ දහයක් නොව, කෝටි දෙකක ජනතාවක් අත්සන් කළ ද මෙම සටන අත්නොහරින බවයි. මෙරට තුළ පැවති යුද්ධයෙන් බැටකෑ නැගෙනහිර පළාතේ ජනතාව කොටි ත්‍රස්තවාදීන් විසින් එළවා දැමීමට කටයුතු කළ අතර එම පිරිස් අනාථ කදවුරුවල දැඩි පීඩාවකට ලක්වූ බවත් එම ජනතාව නැවත ඔවුන්ගේම උපන්බිමෙහි පදිංචි කරවීම, දකුණේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඇතැම් සංවිධාන වැරදි ලෙස අර්ථ කථනය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට