සත්‍යයේ පුවත් අඩහැරය….

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව 23 කැදවන්න නියෝග කරයි ..

Podu Jana Peramunaහිටපු වෙළද අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව මේ මස 23 වනදා යළි කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.මෙම නඩුව අද (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය. එහිදී විත්තියේ නීතිඥවරු විසින් මෙම නඩුවට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කර තිබේ. ඉන් අනතුරුව මෙම මූලික විරෝධතා වලට අදාල ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා ලබන 23දා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කර ඇත. 2010 සහ 2014 යන වසරවලට අදාල කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට