සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය සේවකයින් මත්කුඩු භාවිතයට හුරුවී ඇත්නම් රෝගීන්ට කාගේ සරණක්ද? – රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය

Podu Jana Peramunaරජය ඉතා ඉහළින් ලෝක සෞඛ්‍ය දිනය සමරමින් සිටින අවස්ථාවකදී එම ගෞරවය සමතලා කරමින් කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු මත් කුඩු තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි.රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම් ධම්මික එදිරිසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් කර ඇති අතර සෞඛ්‍ය නිල ඇදුමට මුවා වෙමින් ජාතික රෝහලේ මෙන්ම රාගම ශික්ෂණ රෝහලේ ද මත් කුඩු ජාවාරමේ යෙදෙන සෞඛ්‍ය සේවකයන් සිටින බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවද මෙම ලිපියෙහි වැඩිදුරටත් දක්වා ඇත.

මෙවැනි තත්ත්වයක් උදාවීම ඉතා කණගාටුදායක බවත් සෞඛ්‍ය සේවකයින් රෝගී සත්කාරක සේවාවේ යෙදෙන අවස්ථාවේත් මත්කුඩු භාවිතයට හුරුවී තිබේනම් මෙරට රෝගීන්ට කාගේ සරණක්දැයි යන පැනය විමසා සිටීමට සිදුවන බවත් ඉතා කුඩා ගැටළුවකට පවා වෘත්තිය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන සෞඛ්‍ය වෘත්තීය සමිති මෙම තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද යන්න විමසා සිටින බවත් මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර සිටියි. වෘත්තීය ක්‍ර්‍රියාමාර්ග තුළින් රෝගීන් නොමරා මරණ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ සම්බන්ධයෙන් කුමනාකාරයේ ප්‍ර්‍රකාශයක් නිකුත් කරන්නේදැයි බලා සිටින බවද මෙම ලිපියෙහි තවදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට