සත්‍යයේ පුවත් අඩහැරය….

වංචා සහගත සහ දුර්නිරූපන සහිත අයවැය ඉදිරිපත් කළ මංගල සමරවීරට එරෙහිව විශ්වාසභංගයක් ගෙනඑනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

Podu Jana Peramunaඉතා වංචා සහගත සහ දුර්නිරූපන සහිත අයවැයක් ඉදිරිපත් කර ඇති වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට එරෙහිව ඉදිරියේදී පාර්ලිමේන්තුව විශ්වාසභංග යෝජනාවක් ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින ලද්දේ මෙවර අයවැය තුළින් ඉදිරිපත් කර ඇති වියදම් සහ උපකල්පනයන් පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බව මුදල් සම්බන්ධ ආංශික අධීක්ෂණ කාරක සභාව පවා පවසා ඇති බවයි. නිසි කළමණාකරණයක් හෝ නිසි වැඩිපිළිවෙළක් නොමැති වීම නිසා ජනතාවගේ මූලිකම අවශ්‍යතාවයක් ලෙස සැලකිය හැකි විදුලි සැපයුම පවා නිසි පරිදි ලබාදීමට වත්මන් ආණ්ඩුවට නොහැකිව ඇති අතර ඉදිරියේදී වැඩිවන විදුලි ඉල්ලුමට සරිලන ලෙස විදුලිය සැපයීම සදහා අවශ්‍ය ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවටපිටාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ සකස් කළ ද වත්මන් ආණ්ඩුව විසින් එම ව්‍යාපෘතීන් නිසිපරිදි ක්‍රියාත්මක නොකිරීම නිසා මෙවැනි විදුලි අර්බුදයක් රට තුළ මතුව ඇති බව ද බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සිය අදහස් දක්වමින් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසා සිටියේ මෙවර අයවැය තුළ ව්‍යාජ මෙන්ම වංචා සහගත තොරතුරු ඇතුළත් කරමින් ආණ්ඩුව ජනතාවත් පාර්ලිමේන්තුවත් නොමග යවා ඇති බවයි. ආශ්චර්යකට මෙන් මහින්ද රාජපක්ෂ මහතා 2004 වසරේ රටේ අග්‍රාමාත්‍යවරයා වශයෙන්ද 2005 වසරේදී ජනාධිපතිවරයා වශයෙන් ද පත්වූ අතර එතුමා එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක්න මෙරට පැවති යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ බවත් අද වන විට රට තුළ මේ ආකාරයේ හෝ සාමකාරී වාතාරළුනයක් පවතින්නේ ඒ හේතුවෙන් බව ද එස්.බී දිසානායක සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී. උතුරු නැගෙනහිර පළාත් තුළ අද වන විට දක්නය ලැබෙන සංවර්ධනය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ ඇතිකරන ලද්දක් බව ද දිසානායක මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ තිංලග සුමතිපාල මහතා සිය අදහස් දක්වමින් පවසා සිටින ලද්දේ ඇතැම් පාර්ශව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් යම් යම අදහස් පළකළ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළකර නොමැති බවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී එකම වේදිකාවක සිය කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බලාපොරොත්තුවෙන් සිටින බව ද තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සිය අදහස් පළකරමින් පවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට