වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත්..
මේ වන විට රට තුළ ඇතිවී තිබෙන වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙරට ආසන්නයේ පහළ වායුගෝලය තුළ පවතින කැළඹිලි සහිත ස්වභාවය, මෙවැනි වැසි තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇති අතර දිවයිනේ ප්‍රදේශ රැසක සවස 2.00 න් පමණ පසු වැසි ඇතිවනු ඇති බවත් ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වල මෙන්ම මන්නාරම සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ස්ථාන රැසකට තද වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.