සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රභල අකුණු සමඟ වැසි තත්ත්වයක් ..

Podu Jana Peramunaපවතින ප්‍රභල අකුණු සමඟ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.සබරගමුව, මධ්‍යම,දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයක්ද උතුරු මැද පළාතෙත් වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වර්ෂාපතනයක්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වැඩිදුරටත් පවසයි. එ අතර  කන්කසන්තුරේ සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැක.කන්කසන්තුරය සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කළේය.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 10-20 පමණ වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි අතර ධීවර සහ නාවුක ප්‍රජාවට මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට