පාසල් පිරිසිදු කිරිම අද සහ හෙට ..
දෙවන පාසල් වාරය ආරම්භ කිරිමට ප්‍රථම පාසල් පරිශ්‍ර පරිසිදු කිරිමේ ඩෙංගු මර්දන වැඩසටහන අද (20) සහ හෙට (21) යන දෙදින පැවැත්විමට නියමිතව තිබේ. එම පිරිසිදු කිරිමේ කටයුතු දෙමාපියන්, පාසල් බළධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවේය. රජයේ සහ රජයේ අනුමත පාසල් වල 2019 වසර දෙවන පාසල් වාරය ලබන සඳුදා ආරම්භවිමට නියමිතයි.