ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රමාණය තවත් ඉහළ යයි..
පසුගිය ඉරිදා (21) මෙරට තුළ සිදුවූ පිපිරීම් මාලාවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 359 ක් බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් මේ බව අනාවරණය කර ඇති අතර විදේශිකයින් 38 දෙනෙකු ද ප්‍රහාර වලින් මියගොස් ඇත. ප්‍රහාර හේතුවෙන් විදෙස් ජාතිකයින් 19 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 500 ක් පමණ ලබා ඇති අතර එම ප්‍රමාණයෙන් 375 දෙනෙකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.