අමල් ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කර මුදාහැරෙයි..
මෙරට පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “මාකදුරේ මදූෂ්” සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව පසුව මෙරටට පිටුවහල් කර ඊයේ (23) මෙරටට පැමිණ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු අද (24) පෙරවරුවේ මුදාහැර ඇතැයි වාර්තා වේ. එම පිරිස මෙරටට පැමිණි පසු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට පත්වූ අතර ප්‍රශ්න කිරීම් වලින් පසුව මෙසේ මුදාහැර ඇත. කෙසේ වෙතත් ඊයේ ඩුබායිහි සිට පිටුවහල් කරන ලද පුද්ගලයින් සය දෙනෙකු මෙරටට පැමිනෙන ලදී.