කූඨ ලේඛන සකස් කිරීමේ චෝදනාව, එ.ජා.ප යේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක නිදහස්..
පසුගිය ජනාධිපතිවරණ සමයේදී කූඨ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකරන ලද නඩුුවෙන් ඒ මහතා නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇතැයි වාර්තා වේ. අදාළ නඩුව අද (24) විභාගයට ගනිමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.