සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යුද සමයේ ආරක්ෂක ලේකම් ලෙස, වත්මන් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේ නම් අද රටේ පාලකයා වන්නේ ප්‍රභාකරන් – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaමෙරට තුළ යුද්ධය පැවති සමයේ මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස, යම් හෙයකින් වත්මන් ආරක්ෂක ලේකම්වරයා කටයුතු කළේ නම් අද වන විට මෙරට පාලකයා වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක ප්‍රභාකරන් බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් විසිනි.

මෙහිදී වැඩිදුරටත සිය අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ පසුගියදා මෙරට තුළ සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක ලේකම්වරයා, විදෙස් මාධ්‍යවේදියෙකුට ලබාදෙන ලද පිළිතුරු පිළිබදව දැඩි කණගාටුවන පත්වන බවයි.

බොදු බල සේනා සංවිධානය යනු මෙරට මුස්ලිම් ප්‍රජාව විනාශ කිරීමට පැමිණි යකෙක්ය යන අදහස මෙරට සමාජය තුළ ව්‍යාප්ත කිරීමට ඇතැම් දේශපාලඥයින් ඇතුළු පිරිසක් විසින් කටයුතු කරන ලද නමුත් තම සංවිධානය එවැනි සංවිධානයක් නොවන බවත් අප සංවිධානය විරෝධය දක්වන්නේ මුස්ලිම් අන්තවාදයට විනා සැබෑ මුස්ලිම් සමාජයට නොවන බව මෙහිදී අවධාරණය කර සිටින අතර යළිත් රට තුළ මෙවැනි අන්තවාදී, කණගාටුදායක මෙන්ම භයානක තත්ත්වයක් ඇතිනොවීමට නම් බොදු බල සේනා සංවිධානය වටා ඒකරාශීව කටයුතු කරන ලෙස මෙරට සියළු ආගමික නායකයින් ඇතුළු ජනකොටස් වලට ආරාධනා කරන බව ද පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

පසුගිය දා රට තුළ ඇතිවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව අනිවාර්යයෙන් වගකිව යුතුව ඇති අතර බෞද්ධ සංවිධානයක් ලෙස මෙරට මුස්ලිම් ජනතාවට හිරිහැරයක් සිදුවීමට කිසිදු ඉඩක් නොතබන බවද නන්ද හිමියන් මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටින ලදී.

පසුගිය දා එල්ලවූ ප්‍රහාර මාලාවෙන් මියගිය ජනතාවගේ පවුල්වල සාමාජිකයින්ට සිය සංවිධානයේ දැඩි කණගාටුව පළකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි තවදුරටත් අවධාරණය කරන ලදි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි බොදු බල සේනා සංවිධානයේ සාමාජික පූජ්‍ය පස්සරමුල්ලේ පඤ්ඤාජෝති හිමියන් ද මෙහිදී අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට