සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රට අරාජික කිරීමට සෘඩුවම දායකවී ඇති වත්මන් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – පූජ්‍ය දඹර අමිල හිමි

Podu Jana Peramunaපසුගිය ඉරිදා දින මෙරට ස්ථාන 08 සිදුවූ පිපිරීම් වලින් මියගිය සහ තුවාල ලැබූ ජනතාව සම්බන්ධයෙන් දැඩි කණගාටුවට පත්වන බවත් සුළුවෙන් තැකිය නොහැකි මෙම ප්‍රහාරය, මෙරට ආර්ථිකයට ද දැඩි අහිතකර බලපෑමක් එල්ලකරනු ඇතැයි සිවිල් සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සිවිල් සංවිධාන එකමුතුවේ සාමාජික සමන් රත්නප්‍රිය මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රටේ බුද්ධි අංශ අකර්මණ්‍යව ඇති බවට විවිධ පාර්ශව චෝදනා එල්ල කළ ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරඅ ලබාදී තිපබුනද බලධාරීන්ගේ වැරදි සහගත ක්‍රියාවලිය හේතුවෙන් මෙවැනි මිලේච්ඡ ප්‍රහාරයක් දියත් කිරීමට අදාළ අන්තවාදී කණ්ඩායමට හැකිවූ බවයි.

රටේ වත්මන් ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් මෙවැනි සිද්ධීන් තුළින් සිය දේශපාලන වුවමනා එපාකම් සපුරාගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරනු ලබන බැවින් ජනතාව ද මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන්නැයි ඉල්ලා සිටින බවද මන් රත්නප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ පූජ්‍ය දඹර අමිල හිමියන් පවසා සිටියේ රට මේ ආකාරයට අරාජික කිරීම සදහා වත්මන් ජනාධිපතිවරයා සෘජුවම දායකවී ඇති අතර ජනතාවටත් රටටත් කුරිරුකම් කරන නායකයෙකු ලෙස හැදින්විය හැකි බවයි.

සිය බලය රැකගැනීම පමණක් අවශ්‍යතාවය ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හිට්ලර් වැනි ඒකාධිපති පාලකයෙකු බව ප්‍රකාශ කළ හැකි අතර ජනාධිපතිවරයා දැන් කළයුතුව ඇත්තේ වහාම සිය ධූූරයෙන් ඉල්ලා අස්වීම බවත් පූජ්‍ය දඹර අමිල හිමියන් මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සිවිල් සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන අචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, චන්ද්‍රගුප්ත තේනුවර, සිරිමසිරි හපුආරච්චි සහ පිලිප් ගුණවර්ධන යන මහත්වරුන් ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට