සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කළයුතු දේ නිසි වේලාවට සහ නිසි තැනදී නොකිරීමේ ප්‍රතිඵල මේ වන විට අත්විදීමට සිදුවෙලා – විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න

Podu Jana Peramunaමෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කලක සිට පුන පුනා අදහස් පළකළේ, අත්දැකීම් සහ දැනුමැති පුද්ගලයින් ලෙස රට තුළ සිදුවන්නේ කුමක්දැයි මෙන්ම ඉදිරියේදී සිදුවන දේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් යම් නිගමනයකට එළඹිය හැකි බැවින් බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර සිටියි.ඊයේ (24) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකරන ලද අතර සිය අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එසේ අප විසින් පළකරන ලද අදහස් සම්බන්ධයෙන් අවධානය යොමුනොකර, කළයුතු දේ නිසි වේලාවට සහ නිසි ස්ථානයට නොකිරීමේ ප්‍රතිඵල මේ වන විට අත්විදීමට සිදුව ඇති බවයි.

මෙරට සන්නද්ධ බුද්ධි බලකායට මේ වන විට අත්ව ඇති කුමක්දැයි යන්න විමසිය යුතුව ඇති බවත් මෙරට ඉතා දක්ෂ බුද්ධී අංශ නිලධාරීන් රැසක් මේ වන විට සිරගත කර ඇති බවත් කමල් ගුණරත්න මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙරට තුළ ක්‍රියාත්මක වන විවිධාකාරයේ බුද්ධි අංශ තනි තනිව කටයුතු කරගෙන යාම නිසා රට තුළ මෙවැනි අනාරක්ෂිත වාතාවරණයක් උද්ගතව ඇති බවත් එබැවින් බුද්ධි අංශ තම තමන් දන්නා තොරතුරු හුවමාරු කරගනිමින් කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවය මේ වන විට මතුව ඇති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන යම් තොරතුරකට අදාළව ලිපි යවා ඇගබේරාගැනීම කිසිසේතම අනුමත කළනොහැකි බවත් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

පසුගිය දා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යෙව්දියෙකුට මෙරට ආරක්ෂක ලේකම්වරයා විසින් ලබාදෙන ලද පිළිතුරු දෙස අවධානය යොමුකළ විය මෙරට රජයත්, ආරක්ෂක අංශත් කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් යුතුව මෙරටට පැමිණෙන විදේශිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැවැන්ත ගැටළුවක් පැනනගින බව ද කමල් ගුණරත්න මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී. මෙවැනි අනාරක්ෂිත තත්ත්වයක් යළිත් රටතුළ ඇතිනොවන ලෙස සියළුදෙනා වගකීමෙන් සහ සද්භාවයෙන් ඉදිරියේදී කටයුතු කළයුතුව ඇති බව අවධාරණය කරන බවද කමල් ගුණරත්න මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් කරුනු අනාවරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් සහ මහාචාර්ය ගුණදාස අමරසේකර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර, දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට