කටුනායක ගුවන්තොටුපළ පිවිසුම් මාර්ගය යළි විවෘත වෙයි..
විශේෂ සෝදිසි මෙහෙයුමක් සදහා තාවකාලිකව වසා දමන ලද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිවිසුම් මාර්ගය මේ වන විට යළි විවෘත කර ඇති බව වාර්තා වේ. සැකසහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මාර්ගය තාවකාලිකව වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කරන ලද අතර මේ වන විටත් දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිසිය අනාවරණය කර සිටියි.