ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට 06 ක් කිලිනොච්චියේදී අත්අඩංගුවට..
ස්ථාන 08 කදී පසුගිය දා සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ඊයේ (25) කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කිලිනොච්චිය, කනකපුරම් ප්‍රදේශයේදී සිව්දෙනෙකු, ලුම්බිණි විහාරය ආසන්නයේදී එක් අයෙකු සහ කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී එක් අයෙකු වශයෙන් මෙම පුද්ගලයින් සය දෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසා සිටියි. අදාළ පිරිස අද (26) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.