සත්‍යයේ පුවත් අඩහැරය….

නිසි තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක ලේකම් සහ පොලිස්පති නිසි පරිදි කටයුතු නොකිරීමෙන් රට අරාජික වුනා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාර සම්බන්ධයෙන් නිසි තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා නිසි පරිදි කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ දිසානායක මහතා තවදුරටත් අනාවරණය කරන ලද්දේ මෙම ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදී, මූලධර්මවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු මීට වසර ගණනාවක සිට අනාවරණය වෙමින් පැවතිය ද බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුනොකිරීමේ ප්‍රතිඵල අද වන විට අත්විදීමට රටේ ජනතාවට සිදුව ඇති බවයි.

මෙම ප්‍රහාර වලට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සමග වත්මන් අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධතා පවත්වන බවට තොරතුරු හෙළිව ඇති බැවින් අමාත්‍යවරයා පිළිබදව නිසි පරික්ෂණ පැවැත්වීමට ආරක්ෂක අංශ විසින් කටයුතු කළයුතුව ඇති බවත් බදියුදින්ගේ පක්ෂය සතුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීධුර 05 ට බියෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඔහුව ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බවද එස්.බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

ජනාධිපතිධූරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමේ අරමුණින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් භාරගෙන ඉල්ලා අස්විය යුතුයැයි එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රචාරය කරමින් සිටින බවත් සාම්ප්‍රදායික ඇදුමක් ලෙස හැදින්විය නොහැකි බුර්කාව තහනම් කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය ලබාදෙන බවත් දිසානායක මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ද සහභාගි වී අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට